Jun
07
2009
නිතින් මෙ හැම සත් සුවපත් වෙත්වා!
හැම සිතකම පින් සිතුවිලි වේවා!
මෙත් කරුණා දියරෙන් නැහැ වේවා!
සාමය සමඟිය ඉන් ඇති වේවා!
සියළුදෙනා ලොව සුවපත් වේවා!
අනුන්ගෙ උස් මිටිකම් නොපෙනේවා!
තම යුතුකම පමණක් ඉටු වේවා!
මෙය බොදු සිරිතක් බව වැටහේවා!
සියළුදෙනා ලොව සුවපත් වේවා!
කිසිවකු හට හිංසා නො කෙරේවා!
කිසිවකු හට අවමන් නො කෙරේවා!
කිසිවකු හට නින්දා නො කෙරේවා!
සියළුදෙනා ලොව සුවපත් වේවා!
දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා!
බියෙන් පෙළෙන සත් බියෙන් මිදෙත්වා!
සොවින් පෙළෙන සත් සොම්නස් වෙත්වා!
නිතින් මෙ හැම සත් සුවපත් වෙත්වා!
0 Response to "නිතින් මෙ හැම සත් සුවපත් වෙත්වා!"
Post a Comment