බෞද්ධයකු වන්නේ කෙසේද?

බෞද්ධයකු වීමට ඇත්තේ එක් මාර්ගයක් පමණකි. එනම් බුදුන් වහන්සේගේ මාර්ගෝපදේශනය ඔස්සේ ගමන් කිරීමත් උන් වහ‍න්සේ දේශනා කර වදාළ ධර්මය තම ජීවිතය තුලින් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දැරීමත් යනු ඒ මාර්ගයයි.

කිසියම් පූජා උත්සවයක් පැ‍වැත්වීමෙන් හෝ කිසියම් ආගමික චාරිත්‍රයක් අනුගමනය කිරීමෙන් හෝ කෙනෙකුට විමුක්තිය ලබාගත හැකිය යන වැරදි පිළිගැනීම එනම් සීලබ්බත පරාමාස යන අදහස මෙහිදී බැහැර කෙරේ. එහෙත් මෙහිදී බුදුන් වහන්සේට හෝ උන් වහන්සේ ගේ උපභෝග පරිභෝග වස්තු වලට හෝ උන් වහන්සේ අනුගමනය කරන මහා සංඝයා වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමෙන් ගෞ‍රව කිරීමෙන් වැළකිය යුතු යයි මෙයින් කිසි ලෙසකින් වත් අදහස් නොකරයි.

බෞද්ධ මාර්ගය දැඩි ලෙස අනුගමනය කිරීමට කෙනෙකු පටන් ගැනීමට පළමුව ගමන් කළ යුතු මාර්ගයක්ද ළඟා විය යුතු අරමුණක්ද ඇත්තේය යනුවෙන් පැකිලෙන සුලු ගතියෙන් හෝ යුක්ත විශ්වාසයක් ඔහු තුළ තිබිය යුතුය. මේ ආරම්භක විශ්වාසය මනා ලෙස පිහිටන ආකාරය අත්දැකීම් මගින් පැහැදිලි වන විට ක්‍රම ක්‍රමයෙන් එය ශක්තිමත් වෙයි. මෙම විශ්වාසය “ශ්‍රද්ධාව” ලෙස බුදු දහමේ හඳුන්වයි. දැනීම පදනම් කරගත් විශ්වාසය නැතහොත් ළඟා විය යුතු අරමුණක් ඇත්තේය යන විශ්වාසය ශ්‍රද්ධාව ලෙස සරලව හැඳින්විය හැකියි.

තිසරණය සමාදන් වීමේ බෞද්ධ ක්‍රමය පනවන ලද්දේ මෙම ශ්‍රද්ධාව ගැඹුරැ මෙන්ම තියුණු කර ගැනීම සඳහා උපක්‍රයමයක් ලෙසය. මෙහිදී,

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”
“බුද්ධං සරණං ගච්ඡාමි (මම බුදුන් වහන්සේ සරණ යමි)”
“ධම්මං සරණං ගච්ඡාමි (මම ධර්ම රත්නය සරණ යමි)”
“සංඝං සරණං ගච්ඡාමි (මම සංඝ රත්නය සරණ යමි)”

යනුවෙන් තෙ‍වරක් පැවසීමෙන් තිසරණය තමන් තුළ තහවුරැ කර ගැනීමක් සිදුකර ගනු ලබයි. එහෙත් බුදුන් වහන්සේ සරණ යාමෙන් උන් වහන්සේ තම අනුගාමිකයන්හට එකිනෙකාගේ අරමුණු මුදුන් පත් කර දෙන බවට තමන් වහ‍න්සේ විසින් දෙන ලද කිසිදු පෞද්ගලික ඇපවීමක් ඉන් අදහස් නොවේ. ඇත්ත වශයෙන් උන් වහන්සේ දේශනා කර තිබෙන්නේ ඊට හාත්පසින් පටහැණි කරැණකි.

“පව් සිදු කරගන්නේ තමාය. තමා ම තමා කිලුටු කරගනියි. පවින් වැළකෙන්නේද තමාය. තමාම තමා පිරිසිඳු කර ගනියි. ශුද්ධිය හා අශුද්ධිය තම තමා කෙරෙහිම රඳා පවතී. කි‍සිවෙක් අනෙකකු පිරිසිඳු නොකරයි”


මෙහිදී සරණ යන්නෙන් පිහිට යන අදහස ගැනීම නිසා නොයෙක් වැරදි වැටහීම් වලට ලක් වී ඇත් බවක් පෙනෙන්නට තිබේ. නිවැරදි වචනය විය යුත්තේ පිහිට නොව “මග පෙන්වීම” යන පදයයි. එවිට පහත පරිදි එය නිවැරදි කළ හැකි වෙයි.

“මගේ ගවේශණයේදී බුදුන් වහන්සේගේ දර්ශනය මග පෙන්වීමක් ලෙස යොදා ගනිමි”
“මගේ ගවේශණයේදී ධර්ම රත්නනයේ අන්තර්ගතය මග පෙන්වීමක් ලෙස යොදා ගනිමි”
“මගේ ගවේශණයේදී සංඝ රත්නයේ ආදර්ශය මග පෙන්වීමක් ලෙස ලෙස යොදා ගනිමි”

බුදු රජාණන් වහන්සේගේ චරිතයෙන් උන්වහ‍න්සේ ලබාගත් අරමුණු වැන්නක් ලබා ගනු කැමති අයට ආධාරයක් සපයයි.

එසේම පිළිපැදිය යුතු මාර්ගයක් හා ලබා ගත යුතු ඉක්මවිය යුතු විවිධ අවස්ථා ද පිළිබඳ පියවරින් පියවරට කරන ලද සුපරික්‍ෂාකාරී විශ්ලේෂණයකින් යුතු, දේශනා සඳහා චාරිකාවෙහි යෙදී සිටිද්දී අධ්‍යාපනික, සාමාජයීය, සදාචාරාත්මක හා ආගමික අතින් විවිධ පසුබිම්වලට අයත් සහස්‍ර සංඛ්‍යාත මිනිස්සුන් ගේ අවශ්‍යතා හා හැකියාවලට අනුරෑප වන පරිදි විකාශනය කර ඇති, අති දීර්ඝ කාලයක් තුල නොකඩවා පැවත එන විස්තර සහිත ධර්මයෙන්ද විශාල පිටුවහලක් ලැබේ. ධර්මය පුහුණු කිරීමට පටන් ගැනීමත් සමඟම බුද්ධ ශ්‍රාවකයා විසින් ධර්මය කෙරෙහි විශ්වාසය තැබීමේ යුක්ති යුක්ත භාවය ගැන වඩ වඩාත් අචල බවට හා නියත බවට පත්වේ. ධර්මය ගැන ඔහු දන්නේ මඳක් වුවත් පුරැදු කරන්නේ බිඳක් වුවත් ධර්මය ඔහුට ආධාර දීමට හා පිහිට වීමට පටන්ගෙන ඇති බව ඔහු වටහා ගනී.

අතීත, වර්තමාන,අනාගත යන කාලත්‍රයට අයත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිසක් බුදුන් වහන්සේ ධර්මය අනුගමනය කර ඇති බවද, අනුගමනය කරන බවද, අනුගමනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද, අනුගමනය කළ අය තමන්ගේ මුළු ශක්තිය හා අ‍වධානය ඊට කැප කිරීමට තීරණය කර ඇති බවද ඒ ධර්මය ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් වලංගුවූද සතුටු දායක වූද මාර්ගයක් ලෙස දුටු බවද වටහා ගැනීම සංඝ රත්නයේ මඟ පෙන්වීම ලබාගැනීම ලෙස දැක්විය හැක.සංඝ යන පදයට භික්‍ෂු සමාජය හෝ ශාසනය යනුවෙන් අර්ථ නිරෑපණය කළ හැක. එසේම ඒ පදය බුදුන් වහන්සේගේ අඩිපාරේ ගමන් කොට ඒ සඳහා තමන් දැරෑ ප්‍රයත්නයෙහි ප්‍රතිඵල නෙලාගත් පිරිසකගෙන් සැදි සමාගමක් ලෙසද දැක්විය හැකිය.
Reactions: 


2 Response to "බෞද්ධයකු වන්නේ කෙසේද?"

  • Dasun Sameera - දසුන් සමීර Says:

    සීලබ්බත පරාමාස යන්න මම තේරුම් ගත්තේ මෙහෙමයි. මේ මගේ පුද්ගලික දැනුම මත අවබෝධ කරගෙන තියෙන හැටි පමණ යි. සදොස්නම් නිදොස්කරන ලෙස ඉල්ලා සිටිමි.

    යමෙක් සිලය රකිනුයේ ඒමගින් ලැබෙන ප්‍රතිපලයක් ගැන සිතානම්. එය සිලබ්බත පරාමාසයයි. මෙය දස සම්බාදක යන්ගෙන් 3න් වැන්නයි.(සොතාපන්න පුද්ග‍ලයෙක් තුල මේ අංගය සම්පූර්ණයෙන්ම නැතිවෙන්නවා. සක්ඛාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුන.) පෘථක්ජනයන් සීලය රැකීමේදී එයින් ලැබෙන ප්‍රතිපලය ගැන සිතනට ඉඩ තියෙනවා. එයින් තමන්ට ඇතිවෙන සුඛ විපාක ගැන හිතෙන්නට ඉඩ තියෙනවා. එයින් සිද්ද වෙන්නේ තවත් සසර බැඳ තැබීමට කරුනු එකතු වීමයි. සීලය මගින් නිර්වාණය පමණක් අරමුණු කර පැවැත්වීමෙන් සීලබ්බත පරාමාසය දුරු වෙනවා.


  • ෴ .:GiniMakara:.෴ Says:

    @දසුන්
    ඇත්තටම මෙතනදි සීලබ්බත පරාමාස යනුවෙන් හඳුන්වල තියෙන්නෙ විමුක්තිය ලබා ගැනීමට නොයෙක් වෘත සමාදන්වීම්(අජ වෘත,ගෝ වෘත,කුක්කුර වෘත) යාග හෝම පැවැත්වීම, බිලි පූජා පැවැත්වීම වගේ දේවල් එවැනි දේවල් කිරීමෙන් විමුක්තිය ලබාගන්න බැහැ කියල තමයි බුදුන් වහන්සේ ‍කිව්වෙ.නැතුව සිල් රකින්න එපා කියන එක නෙමෙයි. සීලය කියන්නෙ කය වචන දෙකේ හික්මීම.සීලය බෞද්ධ මාර්ගයෙ මූලික පදනම. සිල් නැතුව භාවනා කරන්න බැහැ.භාවනා නොකර යථාභූත ඥාන දර්ශණය ඇතිකරගන්න බැහැ.ඔබ කියූ පරිදි සිල් රැකීමෙන් පසු "රක්නාවූ මේ සීලයෙන් දෙවියෙක් වෙම්වා කියල ප්‍රාර්ථනා කර ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම ලෝභ කිරීම" පවක් ඒක බුදුන් වහන්සේ සප්ත මෛථුන්‍යය යටතේ කරන්න එපා කියපු එකක්


Post a Comment